Thursday, February 9, 2017

WordPress එකෙන් site එකක් හදන හැටි.

           මුලින් wordpress.org එකට ලොග් වෙලා එකෙන් දැන් තියෙන latest version එක download කර ගන්නවා.
          අපේ computer එකේ local server එකක් නැත්නම් මොකක් හරි local server එකක් download කරන් instrol කර ගන්නවා. එකේ  local host  එකක් හදාගෙන එකේ තම කලින් download කර ගත්ත wordprees එක run කරන්නේ.
                       
wordpress එකේ දෙන user name එකයි  password එකයි වැදගත්, මොකද ඒ 2 පාවිච්චි කරලා තම ආයේ log වෙන්නේ.
එහෙම log වෙලා තම webside එක වෙනස්  කරන්නේ.

  wordpress ගැන සිංහලෙන් තියෙන video 2 ක links.

මේ video serious එක බලල හොද අදහසක් වොර්ද්ප්රෙස්ස් ගැන ගන්න පුළුවන්.

මේකේ  free අලුත් thems තියෙනවා. ඒවා නොමිලේ ලබාගෙන තමන්ගේ වගේ කර ගන්න පුළුවන්.

             Image result for wordpress blog design              Image result for wordpress blog design 
       Image result for wordpress blog design     Image result for wordpress blog design

Monday, January 23, 2017

හෙලනිස්ටික් යුගයේ ඇති ලැවකුන් පිළිමය.

ලැවකුන්

            හෙලනිස්තික්  යුගයේ මුර්ති ශිල්පීන්ගේ ද දක්ෂතාව හෙලිවන මුර්තියකි. කිරිගරුඩ මාධ්‍යයෙන් නිර්මාණය කර ඇත. මෙම මුර්තියේ දැක්වෙන ලැවකුන් සහ ඔහුගේ තරුණ පුතුන් දෙදෙනායි.ට්‍රෝපින් සටනේදී ග්‍රීක යුද උපක්‍රම වලට විරුද්ධ වීම නිසා පොඩිසන් සමුද්‍රයෙන් නාගයෙකු මැවිය.තවත් අදහසක් නම්,ලැකුවන් යනු පුජකයෙකු බවයි.ඔහු අත්තාරයට ගිය මොහොතේ දෙවියෙකු දුන් දඩුවමකි.සර්පයන් දෙදෙනකු විසින් ලැකුවන් සහ ඔහුගේ තරුණ පුතුන් දෙදෙනා වෙලාගෙන සිටී.

                        මෙම මුර්තියේ පළමුව අවධානය යොමු වන්නේ ලකුවන්ගේ රුවටයි.මුහුණ පුර වෑවුණු රෑවුල සහ ගණව වැඩුණු හිසකෙස් ඇත.මහලු බව මුහුණෙන් පෙනේ.ශරීරයේ මාංශ පේශි අතිශෝක්තියෙන් කැටයම් කර තිබේ.නාගයාගෙන් බේරීමට ගන්න උත්සාහයේදී ශරීරයේ මාංශ පේශි ක්‍රියශිලිය.භය,වේදනාව,පිළිකුල මුහුණෙන් පෙන්වා ඇත.

                        දෙපයින් සිටින දරුවන් දෙදෙනාගේ තාරුණ්‍යය හා තරමක් මොළකැටි බව පැහැදිලිව පෙන්වා ඇත.ඔහුන් දෙදෙනාගේ මුහුණු වල හැගීම් සහ ක්‍රියාකාරීත්වයෙන් පෙන්වන්නේ සත්වයාගෙන් මිදීමට ගන්නා උත්සාහයයි.
                        සර්පයාගේ ශරීරයෙන් මෘදු නම්‍ය ස්වරුපය සහ රෞද්‍ර ස්වරුපය දැකිය හැකිය.කිරිගරුඩ  ගලින් මේ සියළු ඉරියව් කැටයම් කිරීමට ශිල්පියා සමත් වි ඇත.
                        චරිත තුනක සම්පිණ්ඩනයක් වන මේ මුර්තියෙන් ඉතා උද්වේගකාරී අවස්ථාවක් නිරුපනය වෙයි.මිනිස් සිරුරේ චලන ඉරියව් අවස්ථාවෝචිතව කැටයම් කර ඇත.

                        මරණය, මරණයේ විනාශකාරී බව, මරණයෙන් ගැලවීමට ගන්න උත්සාහය සමස්ථ මුර්තියෙන් පෙන්වීමට ශිල්පියා සමත්වී ඇත.හේලනිස්ටික් යුගයේ මුර්තිවල දැකගත හැකි සියළුම ලක්ෂණ ලැවකුන් මුර්තියේ ඇතුලත් වීම විශේෂ වේ.   

ග්‍රිකයේ ඇති විනස් දී මේලෝ පිළිමය

විනස් දී මේලෝ




            ග්‍රීක මුර්ති වල බහුලව හමුවන්නේ පිරිමි රුපයි.සමහර අවස්ථාවල කාන්තා රූපද දැකිය හැකිය.ඒ අතර මේලෝ දිවයිනේන් හමුවී  ඇති කාන්තා රුව විශේෂ වේ .කාන්තා දේහයේ තිබෙන සුන්දරත්වය, නාරි දේහ ලක්ෂණ සියුම්ව පෙන්වා තිබේ.
            නිතභ දක්වා  සළුවකින් සැරසුණු කාන්තාවක් කැඩපතකින් මුහුණ බලන අවස්ථාවක් බව එක මතයකි. තවත් මතයක් නම් දෙඅත් අහිමි කාන්තාවක් පහලට කඩා හැලෙන තම සළුව රැක ගැනිමට වෙර දරන අවස්ථාව ශිල්පිය ග්‍රහණය කර ගත බවයි.

            කාන්තා සිරුරේ මුදු මොලොක් බව කිරිගරුඩින් කැටයම් කර තිබීම ඉතා විශිෂ්ටය.උඩුකය නිර්වත්ය.උකුලෙන් පහළ තුනී ඇදුමකින් වැසි ඇත.මුහුණේ මද සිනහාවකි.සිරුරේ රිද්මයානුකූල හැඩතල මතුවන අයුරින් නිර්මාණය සංරචනය කර ඇත.ත්‍රිමාණ බව හා උසස් මුර්තිමය ලක්ෂණ මෙම මුර්තියෙන් පෙන්නුම් කරයි.පිරිමි රූප නිර්මාණයේදී දැක්වූ සැලකිල්ල ඒ ආකාරයෙන් ම පෙන්වීමට ශිල්පියා උත්සහා ගෙන ඇත.