Monday, January 23, 2017

ග්‍රිකයේ ඇති විනස් දී මේලෝ පිළිමය

විනස් දී මේලෝ




            ග්‍රීක මුර්ති වල බහුලව හමුවන්නේ පිරිමි රුපයි.සමහර අවස්ථාවල කාන්තා රූපද දැකිය හැකිය.ඒ අතර මේලෝ දිවයිනේන් හමුවී  ඇති කාන්තා රුව විශේෂ වේ .කාන්තා දේහයේ තිබෙන සුන්දරත්වය, නාරි දේහ ලක්ෂණ සියුම්ව පෙන්වා තිබේ.
            නිතභ දක්වා  සළුවකින් සැරසුණු කාන්තාවක් කැඩපතකින් මුහුණ බලන අවස්ථාවක් බව එක මතයකි. තවත් මතයක් නම් දෙඅත් අහිමි කාන්තාවක් පහලට කඩා හැලෙන තම සළුව රැක ගැනිමට වෙර දරන අවස්ථාව ශිල්පිය ග්‍රහණය කර ගත බවයි.

            කාන්තා සිරුරේ මුදු මොලොක් බව කිරිගරුඩින් කැටයම් කර තිබීම ඉතා විශිෂ්ටය.උඩුකය නිර්වත්ය.උකුලෙන් පහළ තුනී ඇදුමකින් වැසි ඇත.මුහුණේ මද සිනහාවකි.සිරුරේ රිද්මයානුකූල හැඩතල මතුවන අයුරින් නිර්මාණය සංරචනය කර ඇත.ත්‍රිමාණ බව හා උසස් මුර්තිමය ලක්ෂණ මෙම මුර්තියෙන් පෙන්නුම් කරයි.පිරිමි රූප නිර්මාණයේදී දැක්වූ සැලකිල්ල ඒ ආකාරයෙන් ම පෙන්වීමට ශිල්පියා උත්සහා ගෙන ඇත. 

No comments:

Post a Comment